සෙවනගල උක්අස්වැනු නෙළීම ඇරඹෙයි

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනයේ 2024 වර්ෂයේ දෙවන ඇඹරුම්වාරය (18)  ආරම්භ විය

ඒ අනුව උක්අස්වැනු නෙළීම පෙ.ව 10.23 යෙදුනු සුභ මොහොතින් සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදුකෙරිණි.

ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන්ගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් වජිර කුමාරතුංග,සෙවනගල ඒකකයේ මෙහෙයුම් නිලධාරී කැළුම් ප්‍රියංකර ලියනගේ  ප්‍රධානත්වයෙන් උක්ගොවීන් සහ  සේවක සේවිකාවන් ගේ සහභාගීත්වයෙන් අස්වනු නෙළීම සිදුකරන ලදි.

උක්ගස් මෙට්‍රික්ටොන් දෙලක්ෂ පනස්දහසක් මෙම වාරයේ ඇඹරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *