නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකද එම සංචාරය සඳහා එක්ව සිටිනවා.

ඔවුන්, චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.