ANE MAERSK කොළඹ වරායට පැමිණෙයි

මෙතනෝල් භාවිතයෙන් බල ගැන්වෙන ලොව විශාලතම බහාලුම් නෞකාව වන ANE MAERSK කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කන්ටේනර් ධාරිතාව 16,000කට අධික වන අතර එය පළමුවරට භාණ්ඩ ප්‍රවාහනට එක්වන්නේ, පසුගිය ජනවාරි මස 26 වැනිදායි.

දිගින් මීටර් 350ක් වන එම නෞකාව පළලින් මීටර් 53.5ක් වන අතර නැවේ සම්පූර්ණ ධාරිතාව ටොන් 190,000ක් වන අතර බහාලුම් රඳවන 10කින් මෙම නෞකාව සමන්විත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ