මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රය පහ­ළට

ඉන්දි­යාව සමඟ ඇති­ක­ර­ගත් රාජ්‍ය­තා­න්ත්‍රික මත­භේ­දය හේතු­වෙන් මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රයේ දැඩි පසු­බෑ­මක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝක සංචා­රක ව්‍යාපා­රයේ ප්‍රමු­ඛ­තම ගම­නා­න්ත­යක් වන මාල­දි­ව­යිනේ ආර්ථි­කය ප්‍රධාන වශ­යෙන් එරට සංචා­රක ව්‍යාපා­රය මත රැඳී පව­තින බවත් ඉන්දීය රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­දය මත ඉන්දීය සංචා­ර­ක­යන් මාල­දි­ව­යි­නෙන් ඈත්වීම දැඩි ආර්ථික පසු­බෑ­ම­කට ඉව­හල් වනු ඇති බවත් ආසි­යා­තික ආර්ථික විශේ­ෂ­ඥ­යන් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

පසු­ගිය වසරේ නොවැ­ම්බ­ර­යේදී මාල­දි­ව­යිනේ නව ජනා­ධී­ප­ති­ව­රයා ලෙස පත් වූ චීන හිත­වාදී මොහො­මඩ් මුයිසු ඉන්දි­යාව සමඟ තිබූ සියලු සම්බ­න්ධතා චීනය දෙසට හැර­වි­මට කට­යුතු කිරී­මෙන් තත්ත්වය වඩාත් බර­ප­තළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මාල­දි­ව­යිනේ සංචා­රක ක්ෂේත්‍රය සම්බන්ධ නිල­ධා­රීන් පසු­ගි­යදා සමාජ මාධ්‍ය­ජා­ලයේ සඳ­හන් කර ඇත්තේ ඉන්දීය ජාති­ක­යන්ට මාල­දි­ව­යිනේ සංචා­රය කිරී­මෙන් ඉව­ත්වීම හේතු­වෙන් එරට සංචා­රක ව්‍යාපාර ආදා­යම මිලි­යන ගණ­නා­ව­කින් පහත වැටී ඇති බවය. පසු­ගිය දින කිහි­පය ඇතු­ළත මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රය 40% කින් කඩා වැටී ඇතැයි පෙන්නුම් කරන බවත් එම ක්ෂේත්‍ර­යට සම්බන්ධ සංචා­රක සමා­ග­මක නිල­ධා­රීන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මොහො­මඩ් මුයිසු ජනා­ධි­ප­ති ­ධු­ර­යට පත්වී­මෙන් පසු මාල­දි­ව­යින සහ ඉන්දි­යාව අතර කරුණු කිහි­ප­යක් මුල් කර­මින් රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­ද­යක් හට­ගෙන තිබිණි. ඊට හේතු වූයේ ඔහු දිවුරුම් දීමෙන් පැය 24ක් යෑමට පෙර සිය හමුදා ඉවත් කර­ගන්නා ලෙස ඉන්දි­යා­වට දැනු­ම්දී­මත් සමඟ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අන­තු­රුව ජනා­ධී­පති මුයි­සුගේ හිත­වාදී දේශ­පා­ල­ක­යන් විසින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි අව­මන් සහ­ගත වච­න­ව­ලින් ආම­න්ත්‍ර­ණය කිරී­මෙන් පසු තත්ත්වය වඩාත් බර­ප­තළ වූ බව වාර්තා වේ.

ඉන්දීය අග­මැ­ති­ව­ර­යාට අප­හාස කිරීම හේතු­වෙන් මාල­දි­ව­යිනේ සංචා­රය කිරී­මට සූදා­න­මින් සිටි දහස් සංඛ්‍යාත ඉන්දීය ජන­තාව සිය ගුවන් ටික­ට්පත් සහ හෝටල් වෙන් කිරීම් අව­ලංගු කිරී­මට පිය­වර ගෙන තිබූ අතර, අක්ෂේ කුමාර් වැනි බොලි­වුඩ් සිනමා නළු­වන් ද එම ප්‍රකාශ හෙළා දකි­මින් මාල­දි­ව­යින රජය දැඩි විවේ­ච­න­යට ලක් කර තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත් මුයිසු හිත­වාදී මැති­ඇ­මැ­ති­වරු එවැනි ප්‍රකාශ සිදු කළද, හිටපු අග­මැ­ති­ව­ර­යකු වූ මොහො­මඩ් නෂීඩ් ඇතුළු ඉහළ මට්ටමේ දේශ­පා­ල­ඥ­යන් රැසක් එම ප්‍රකාශ හෙළා දැකී­මට පිය­වර ගත් බව ද වාර්තා වේ.

මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රය හරි අඩ­කට වඩා ඉන්දීය සංචා­ර­ක­යක් මත රඳා පව­තින බැවින් දෙරට අතර රාජ්‍ය­තා­න්ත්‍රික මට්ටමේ අර්බු­ද­යක් හට ගැනීම මාල­දි­ව­යින සංචා­රක ව්‍යාපා­ර­යට දැඩි බල­පෑ­මක් එල්ල වූ කරු­ණක් වී තිබේ.

එරට සිටි ඉන්දීය ආර­ක්ෂක නිල­ධා­රීන් යළි කැඳ­වන ලෙස බල­යට පත් වූ මුයිසු ඉන්දි­යා­වෙන් ඉල්ලා සිටි අතර, ඉන්දි­යාව සමඟ ඇති ගිවි­සුම් 100ක් පමණ සමා­ලෝ­ච­නය කිරී­මට නියෝග කිරී­මත් දෙරට අතර සබ­ඳතා බිඳ වැටී­මට හේතු වූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *