ලොව පළමු පෞද්ග­ලික සමා­ගමේ රොක­ට්ටු­වෙන් අමෙ­රි­කාව වසර 50කට පසු සඳ තර­ණය කරයි

ලෝක අභ්‍ය­ව­කාශ ඉති­හා­සයේ පළ­මු­ව­තා­වට පෞද්ග­ලික සමා­ග­මක් විසින් සඳ වෙත යවනු ලැබූ රොක­ට්ටුව පෙරේදා සඳෙහි දක්ෂිණ ධ්‍රැව­යට පතිත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කාවේ හූස්ටන් නුවර කේන්ද්‍ර කර­ගත් පෞද්ග­ලික අභ්‍ය­ව­කාශ සමා­ග­මක් එම මෙහෙ­යුම සිදු කළ අතර, ඒ සඳහා නාසා ආය­ත­නයේ පූර්ණ අනු­ග්‍රා­හ­ක­ත්වය ලැබී තිබූ බව ද වාර්තා වේ.

රොක­ට්ටුවේ රොබෝ ලෑන්ඩ­රය සාර්ථ­කව සඳ මත පතිත වූ බව එම සමා­ගමේ ගුවන් අධ්‍යක්ෂ ටිම් ක්‍රේන් නිවේ­ද­නය කර ඇති අතර, එය ලොව පළමු පෞද්ග­ලික සමා­ග­මක සඳ තර­ණය මෙන්ම වසර 1972න් පසු අමෙ­රි­කාව සඳ තර­ණය කළ පළමු අව­ස්ථාව ලෙසත් ඉති­හා­ස­යට එක් විය. පසු­ගිය 15 වැනිදා කැලි­ෆෝ­නි­යාවේ කැන­ව­රල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍ය­කාශ මධ්‍ය­ස්ථා­නයේ සිට ගමන් ආරම්භ කළ එම රොක­ට්ටුවේ රොබෝ ලෑන්ඩ­රය මගින් ඉදි­රි­යේදී චන්ද්‍රයා පිළි­බඳ තවත් තොර­තුරු රැසක් ලොවට හෙළි වනු ඇතැයි අනා­වැකි පළ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *