චීන­යෙන් බංග්ලා­දේ­ශ­යට අඩු මුද­ලට හමුදා උප­ක­රණ

සබ්මැ­රීන, ප්‍රහා­රක ජෙට් යානා ඇතුළු හමුදා උප­ක­රණ තොග­යක් චීන­යෙන් බංග්ලා­දේ­ශ­යට අප­න­ය­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් අඩු මුද­ලට ලබා­ගත් එම හමුදා උප­ක­රණ රැසක දෝෂ සහිත බවත්, එදි­නෙදා භාවි­ත­යට ආන­ය­නය කරනු ලැබූ උප­ක­රණ දෝෂ සහිත බැවින් බංග්ලා­දේ­ශයේ ආර­ක්ෂක හමු­දාව දැඩි අප­හ­සු­තා­වට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

චීනයේ නිෂ්පා­දිත කේ.8ඩබ්ලිව් ප්‍රහා­රක ජෙට් යානා ආන­ය­නය කිරී­මෙන් පසු සිදු කළ පළමු අත්හදා බැලී­මේදී එහි දෝෂ සහිත බව අනා­ව­ර­ණය වී ඇතැයි වාර්තා වන අතර, මේ පිළි­බඳ චීනය කිසිඳු ප්‍රති­චා­ර­යක් දක්වා නැතැයි ද වාර්තා වේ. මීට අම­ත­රව අමෙ­රි­කානු ඩොලර් 100 බැගින් මුදල් ගෙවා ලබා ගත් සබ්මැ­රින දෙකක් පසු­ගි­යදා චීන­යෙන් ආන­ය­නය කර ඇති අතර, එම සබ්මැ­රීන වැඩි කාල­යක් භාවි­ත­යට ගත නොහැකි තත්ත්වයේ පව­තින බව ද හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

බට­හිර තාක්ෂ­ණය අනු­ක­ර­ණය කර­මින් අප­න­ය­නය සඳහා නිෂ්පා­ද­නය කර ඇති චීන හමුදා උප­ක­රණ රැසක මෙවැනි දෝෂ ඇතැයි ද, බංග්ලා­දේ­ශය වැනි සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල් අඩු මුද­ල­කට හමුදා උප­ක­රණ අපේක්ෂා කිරීම හේතු­වෙන් මේ තත්ත්වය උදා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *