සනත් නිශාන්තගේ රියැදුරු ඇප මත මුදා හැරේ

කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියැදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ අනුව (05) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර රියැදුරු ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.

එම අනතුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගියා.