විදුලි බිලේ වැඩිවීම ජල බිලටත් දැනෙයි ද ? තීරණය ජූනි 30

ජල බිල සමාලෝචනය කිරීම ජූනි මස 30 වනදා සිදුකරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

වසරකට දෙවතාවක් ජල බිල සංශෝධනය කරනු ලබන බවත් ඒ අනුව ජූනි 30 වන දිනට පවතින තත්ත්වය මත ජල බිල සංශෝධනය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.