මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්ව හමුවේ වුවද සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණෙනි.
ඒ අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත සිලින්ඩරයක මිල රුපියල් 4765ක් ද, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 1910ක් ද, කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 890ක් ද වශයෙන් නොවෙනස්ව පවතියි.








