සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති බවය.
මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය පියවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග නිශාන්ත මහතා ඊයේ සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.
ඔහුගේ මළසිරුර නිවස ආසන්නයේ තිබී සොයාගෙන තිබූ අතර එය සියදිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ දිනයේ සිදු කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.








