අධික උණුසුමෙන් දරුවන්ගේ සහ යොවුන් වියේ පසුවන්නන්ගේ මානසික මට්ටමටත් බලපෑම්

අධික උණුසුම් සහිත කාලගුණයත් සමග දරුවන්ගේ සහ යොවුන් වියේ පසුවන්නන්ගේ මානසික මට්ටමට බලපෑම් එල්ල විය හැකි බවට සෞඛ්‍ය අංශ පවසනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික කෝපය, තෙහෙට්ටුව සහ අවධානය යොමු කිරීමේ අපහසුතා ද ඇති විය හැකියි.

මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ, පවතින සංකූලතා අවම කර ගැනීමට වැඩිපුර ජලය පානය කිරීම අත්‍යවශ්‍ය බවයි.