දුරදිග ගිය ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

පිංවත්ත, ලෙස්ලි ගුණවර්ධන මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වූ පිංවත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා හා අසල්වැසි නිවසක පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. 

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනිමට පිංවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.