මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලොව පුරා සිටින ඇමරිකානුවන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින ඇමෙරිකානුවන් වැඩි අවධානයක් යුතුව කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම වරින් වර ගුවන් අවකාශ වසා දැමීම මෙන්ම මැද පෙරදිග කලාපයේ පිහිටි ඇමරිකානු රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන ඉලක්ක වෙමින් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසට දන්වමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කිරීමටයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.







