ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රතිසංස්කරණයට බිලියන 32ක්

රටේ බල­ශක්ති ආර­ක්ෂාව ශක්ති­මත් කිරීමේ දිගු­කා­ලීන උපා­ය­මා­ර්ග­යක් ලෙස ත්‍රිකු­ණා­ම­ලයේ තෙල් ටැංකි ගබඩා පුළුල්ව සංව­ර්ධ­නය කිරී­මට රජය තීර­ණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් දැන­ට­මත් එහි ටැංකි කිහි­ප­යක් ප්‍රති­සං­ස්ක­ර­ණය කර තිබෙන අතර ඒ සඳහා රුපි­යල් බිලි­යන 32ක ප්‍රති­පා­දන වෙන් ව ඇත.

ත්‍රිකු­ණා­ම­ලය උපා­ය­මා­ර්ගික බල­ශක්ති මධ්‍ය­ස්ථා­න­යක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දි­යාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කරන ලද ප්‍රධාන ත්‍රෛපා­ර්ශ්වික ගිවි­සු­ම­කට සම­ගා­මීව මෙම සංව­ර්ධ­නය සිදු වේ.

අව­බෝ­ධතා ගිවි­සුම ශ්‍රී ලංකා­වට දැරිය හැකි බල­ශක්ති ප්‍රවේ­ශ­යක් සහ­තික කිරීම අර­මුණු කර­ගත් බල­ශක්ති යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීමේ සහ­යෝ­ගී­තාව හා අනා­ගත බල­ශක්ති ව්‍යාපෘති හරහා අප­න­යන ආදා­ය­මක් ජන­නය කර ගැනීම අර­මුණු කෙරේ.

මෙම හවු­ල්කා­රී­ත්වයේ කේන්ද්‍රීය අංග­යක් වන්නේ දෙවැනි ලෝක යුද සම­යේදී මුලින් ඉදි­ක­රන ලද ත්‍රිකු­ණා­ම­ලය තෙල් ටැංකි සංකී­ර්ණය නවී­ක­ර­ණය කිරී­මයි.

ඒවා දැනට ලංකා අයි­ඕසී කළ­ම­නා­කා­රී­ත්වය යටතේ අර්ධ වශ­යෙන් පම­ණක් ක්‍රියා­ත්මක වේ.

දකුණු ඉන්දි­යාවේ සිට ශ්‍රී ලංකා­වට ඛනිජ තෙල් නිෂ්පා­දන ප්‍රවා­හ­නය කිරීම සඳහා නළ මාර්ග­යක් ස්ථාපිත කිරීමේ සැල­සුම් ද මෙම ව්‍යාපෘ­ති­යට ඇතු­ළත් වන අතර, එම­ඟින් කලා­පීය බල­ශක්ති සම්බ­න්ධ­තාව වැඩි­දි­යුණු කිරී­මට සහ සැප­යුම් පිරි­වැය සැල­කිය යුතු ලෙස අඩු කිරී­මට අපේක්ෂා කරන බව පසු­ගි­යදා පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී කැබි­නට් ප්‍රකා­ශක ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා ද අව­ධා­ර­ණය කළේය.

සම­න්මලී ප්‍රිය­ශාන්ති