ලෝක ජල දිනය අදයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනූව ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වැනිදා සමරනු ලබයි.

මෙවර ජල දිනයේ තේමාව වන්නේ “ජලය සහ මානව සබැදියාව” යන්නයි.

ලෝක ජල දිනයට අදාළව “තිරසර දියවර ජාතික වැඩසටහන” ජල සම්පත් මණ්ඩලය එක්ව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 24 වැනිදා පරිසර අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.

මෙරට මතුපිට හා භූගත ජල සම්පත විද්‍යාත්මකව කළමනාකරණය කර සුරක්ෂිත කිරීම උදෙසා පරිසර අමාත්‍යාංශය ව තබන පියවර “තිරසර දියවර” ජාතික වැඩසටහන – ජල මූලාශ්‍ර සුරකිමින් තිරසර භාවිතය සදහා වන ක්‍රියාන්විතය ලෝක ජල දිනයේ දී ඇරඹෙනු ඇත.

එමෙන්ම 1964 වසරේ සිට ක්‍රියාත්මක වු ජලසම්පත් මණ්ඩල පණත වසර 62 පසුව සංශෝධනය කිරීමත් ජල මුලාශ්‍රයන් සහ භූගත ජල පෝෂක ස්ථාන සුරක්ෂිත කිරීමත් මෙවර ලෝක ජල දිනයට සමගාමීව දියත් කරන තිරසර දියවර ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

ජල උල්පත් සංරක්ෂණය, ජලයේ ගුණාත්මක තත්වය සිතියම්ගත කිරීම, ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය , ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රජා පහසුකම සහ ජනතාව දෑනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම භූගත සහ මතුපිට ජල සංරක්ෂණය වෙනුවෙන් පරිසර අමාතයංශය සහ ජල සම්පත් මණ්ඩලය එක්ව වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.