පොලිසිය ඊයේ දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 506දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය ඊයේ දිනයේදී පුද්ගලයන් 27699 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් ගණන 14කි.
වරෙන්තුකරුවන් 253 දෙදෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 142දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
බීමත් රියදුරන් 201 දෙනෙකු හා අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 38දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4447දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මක ය.







