නිවැරදිව ඉන්ධන නිකුත් නොකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.
QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වලට එරෙහිව අද (18) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
QR ක්‍රමවේදය යටතේ පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස සියලුම පිරවුම්හල්වලින් ඉල්ලා සිටින බවත්, QR කේතය නිවැරදිව සකසාගෙන පැමිණීම මහජනතාවගේ යුතුකමක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.







