UPDATE – දෙවුන්දරට දකුණු දෙස වු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරන උර තොගයක් සමග සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන විත් තිබේ.
——————————-
දෙවුන්දරට දකුණු දෙස වු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරන උර තොගයක් සමග සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමට නියමිතව තිබේ.
ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිදුකළ මෙහෙයුමක් මත මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබීය.
යාත්‍රාව සමග එහි සිටි ධීවරයින් 05 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔවුන්ද දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමට නියමිතය.







