ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් UL-1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
ඒ අනුව, එම ගුවන් යානය රෝමය බලා පිටත් වූයේ යුරෝපයෙන් සහ ඉන් ඔබ්බට මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලසුම් කර තිබූ හා ටිකට්පත් වෙන් කරවා ගෙන සිටි මගීන් හට ඍජුව රෝමය බලා ගමන් කිරීමට හැකි වන පරිදි සහ, යුරෝපය ආශ්රිත ව රැඳී සිටින සංචාරකයන් හා ශ්‍රී ලාංකික මගීන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මෙම ගුවන් ගමන රජයේ අමාත්‍යවරයකු මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සිදු කළ සැලැස්මක් බව සමාජ මාධ්‍යවල තොරතුරු පළ වී ඇති බවත්, නමුත් එහි සඳහන් කරන අමාත්‍යවරයා දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
අදාළ නිවේදනය පහතින්.








