කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 762 ක් සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ක් වන ඉන්දියානු ජාතිකයකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.







