දකුණු පළාතේත්, රත්නපුර, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත්, පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අනෙකුත් ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත්, මන්නාරම, වවුනියාව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.







