පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ මත්ද්‍රව්‍ය පානය කරමින්, සෙසු සිසුන්ට ද ඒවා අලෙවි කළ බව කියන කලා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු විශ්වවිද්‍යාල විනයාරක්ෂක නිලධාරීන්ගේ සහය ඇතිව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ සර් අයිවෝ ජෙනිංස් නේවාසිකාගාරයේ රැඳී සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී සැකකාර සිසුවා සතුව තිබී පහත මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇතැයි පොලිසිය පවසනවා.
සැකකාර සිසුවා සන්තකයේ තිබී හෑෂ් ග්‍රෑම් 85 යි මිලිග්‍රෑම් 260ක් සහ කුෂ් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 210ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 70,240.00 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්. විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමෙන් පසු, පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.







