මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (6) තිබූ අගයට වඩා 9%කින් ඉහළගොස් ඇති අතර, මේ වනවිට එහි අගය අමෙරිකානු ඩොලර් 93 ඉක්මවා ගොස් තිබේ.
මෙලෙස තෙල් මිල ඉහළගොස් ඇත්තේ වසර 2කට පසුවය.
අවසන්වරට 2023 වසරේදී සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවේ බොරතෙල් මිල ඉහළගොස් තිබී ඇත.







