ඉරානයේ ප්‍රතිප්‍රහාර මධ්‍යයේ බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි තම දත්ත මධ්‍යස්ථානවල විදුලි බලය සහ සන්නිවේදන සම්බන්ධතා බිඳවැටීම් පවතින බව ඇමේසන් සමාගමේ Cloud සේවා ඒකකය (Amazon’s cloud unit-AWS) සඳහන් කරනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි දත්ත මධ්‍යස්ථාන දෙකක විදුලි බලය ඇණහිට ඇති බව එම සමාගම සිය තත්ත්ව වාර්තාවේ සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක් දත්ත මධ්‍යස්ථාන කලාපයකට කිසියම් “වස්තූන්” පතිත වීමෙන් ගිනි පුපුරු සහ ගින්නක් හටගත් බවත්, ඒ හේතුවෙන් විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදු වූ බවත් AWS ආයතනය සඳහන් කළා.
මෙම සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා “පැය කිහිපයක්” ගතවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, වෙනත් කලාපවල ඇති සේවාවන් භාවිත කරන ලෙස එම සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.







