බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කරමින් ආරක්ෂක පියවර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදයට අවසර ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer නිවේදනය කර තිබෙනවා.
ගල්ෆ් කලාපයේ අපගේ හවුල්කරුවන් තමන්ව ආරක්ෂා කර ගැනීමට වැඩි යමක් කරන ලෙස ඉල්ලා සිටි බවත්, බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු එම නිශ්චිත සහ සීමිත ආරක්ෂක අරමුණු සඳහා භාවිත කිරීමට අමෙරිකාව අවසර ඉල්ලා ඇති බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.
සිවිල් වැසියන් ඝාතනය වීම වැළැක්වීමට, බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත අවදානමට ලක්වීම වැළැක්වීමට සහ ගැටුමට සම්බන්ධ නොවූ රටවලට ඉරානය විසින් එල්ල කරන මිසයිල ප්‍රහාර නතර කිරීම සඳහා මෙම ඉල්ලීම පිළිගැනීමට තීරණය කළ බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.







