ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සම්පූර්ණ බලයෙන් ක්‍රියාත්මක වන බවත්, සියලු ඉලක්ක සපුරා ගන්නා තෙක් ඒවා නතර නොකරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු සෙබළුන් තවදුරටත් මිය යෑමේ ඉඩකඩ පවතින බවත්, එහෙත් තත්ත්වය එලෙස ම පවතින බවත් වීඩියෝවක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ආයුධ බිම තබා පූර්ණ මුක්තිය ලබා ගන්නා ලෙසත්, එසේ නො වන්නේ නම් හිමි වන්නේ නිසැක මරණය වන අතර, එය ඉතා දරුණු මරණයක් වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.







