ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව Brent වර්ගයේ බොරතෙල් සහ WTI වර්ගයේ සැහැල්ලු බොරතෙල් මිල 7%ක ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට Brent බොරතෙල් මිල 7%කින් පමණ ඉහළ ගොස් බැරලයක් අමෙරිකානු ඩොලර් 78.50ක් ලෙස සටහන් වී ඇති අතර; WTI බොරතෙල් මිල 7.5%කින් පමණ ඉහළ ගොස් බැරලයක් අමෙරිකානු ඩොලර් 71.82ක් දක්වා වැඩි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.news images