අධිවේගයේ දුවන්න බදුල්ලට දුන් අලුත් බස් එක නැවත අරගෙන පරණ බස් එක අබලන් සති දෙකකට සැරයක් බස් එක කැඩෙයි.

බදුල්ල මාකුඹුර ගමන් මාර්ගය වෙනුවෙන් ලබා දුන් නව බස් රථය NE 3615 මේ වන විට බදුල්ල ඩිපෝවට අහිමිව තිබේ. මුලින් සැලසුම් කොට තිබුනේ මෙම මාර්ගයේ දැනට ධාවනය වන පරණ බස් රථය NE 2048 කරාපිටිය දක්වා ධාවනය කොට මෙම නව බස් රථය බදුල්ල මාකුඹුර ධාවනය කරවීමටය. නමුත් අවසානාවක මහත බදුල්ලට ලබාදුන් මෙම නව බස් රථය නැවත ලබාගෙන මාතරට ලබාදී ඇති බව දන්වන්නේ කණගාටුවෙනි. බදුල්ල ඇල්ල ප්‍රදේශ වලින් සංචාරකයන්ද මෙම බස් රථයට පුරුදු පුහුණුව සිටියද බදුල්ල ඩිපෝවට විශාල අදායමක් අහිමි කරමින් බස් රථය නැවත පවරාගැනීමට කටයුතු කිරීම විමතියට කරුණකි. එමෙන්ම පෙ.ව. 7.30 බදුල්ලෙන් පස්වරු 2.30 මාකුඹුරෙන් දැනට ධාවනය වන බස් රථය සති දෙකක් ධාවනය වුවහොත් සතියක් කාර්මික දෝෂයන්ට ලක්වෙමින් පවතී. මෙය මහත් ඛේදජනක ඉරණමක් මෙන්ම බදුල්ල කොළඹ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන්ටද දැඩි අපහසුවකි. එමෙන්ම බදුල්ල ඩිපෝවට මේ සිදුකරන පාඩුව කාගේ වුවමනාවට කරන්නක්දැයි විමතියට කරුණකි. එමෙන්ම ඒ සදහා හඩ නැගීම නොකොට ප්‍රදේශයේ රජයේ පාර්ශවයේ මැතිඇමතිවරුද මුනවත රකින බව ඩිපෝ සේවකයන් පවසති. එමෙන්ම සුඛෝපභෝගී දුරගමන් සේවා අවශ්‍ය බදුල්ලට සිදුවන මේ ඛේදජනක ඉරණම ගැන මගීන් මෙන්ම බදුල්ල ඩිපෝවේ සේවකයන්ද තමන්ගේ කනස්සල්ල පල කරයි.