අඩු ආදායම්ලාභීන් ලෙස නොසලකා හැර සිටින පුංචි මිනිසුන්ගේ ජීවිතය යහපත් කරන්න සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ බිමල් රත්නායක මහතා,
Òඉතාම වැදගත් පනත් තුනක් සම්බන්ධයෙන් අද අවධානය යොමුකර තිබෙනවා. මේ ක්ෂේත්‍රය ශ්‍රී ලංකාව තුළ විශාල සංවර්ධනයට ලක්ව තිබෙනවා. විවිධ වෘත්තිකයන් අවශ්‍ය වෙනවා. ඒ සඳහා නියාමනය අවශ්‍ය වෙනවා. මේවා වැදගත්. අපේ රටේ විවිධ වෘත්තීන් සඳහා ආයතන ස්ථාපිත කර තිබෙනවා. ශ්‍රී ලංකා තථ්‍ය දේපළ වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවන්න අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ආර්ථික ස්ථාවරභාවයට ද මෙය වැදගත් වෙනවා. අපේ රට මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් පසුව දේපළ සංවර්ධනය අවශ්‍ය වෙනවා. වෘත්තිකයන්ගේ වගකීම පැහැදිලි කිරීම මෙන්ම ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන ආයතනයක් තිබීම වැදගත් වෙනවා. ආයෝජන විශ්ලේෂණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලින් වෘත්තිකයන් බිහි වෙනවා. මේ ආයතනය හරහා එම වෘත්තිකයන්ට වගකීමක් ලැබෙනවා. ඒ වගේම ගුණාත්මක බව ඉහළ නැංවීමට හැකියාව ලැබෙනවා.
කිසිදු වෘත්තියකට අසාධාරණයක් වීමට හෝ තවත් වෘත්තියකට වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මේ ආයතනය ස්ථාපිත කිරීම කිසිදු වෘත්තිය කණ්ඩායමකට එරෙහිව කරන්නක් නොවෙයි. විවිධ වෘත්තිකයන්ට ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් පසුගිය කාලයේ සාකච්ඡා කර තිබෙනවා. වෙනත් කිසිදු වෘත්තීයකට අසාධාරණයක් නොවන ආකාරයටත්, කිසිදු ආයතනයක් නොමැති මේ වෘත්තිය කණ්ඩායමට ආයතනයක් ලැබෙන ආකාරයටත් කටයුතු කර තිබෙනවා. ඒ සාකච්ඡා තුළ විවිධ වෘත්තිකයන් අතර සහයෝගයෙන් කටයුතු කරන්න යෝජනා කරන්න අපි අපේක්ෂා කරනවා. ජාතික ආර්ථිකයේ දීර්ඝ කාලීන ස්ථාවරත්වය සහ උගත් බුද්ධිමත් කණ්ඩායමක් වෙත අවශ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීම මේ ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණ වෙනවා. රටක් ලෙස අපි වැටුප් වැඩි කිරීමේදී විවිධ දේශපාලන වුවමනාවන් සහ විවිධ බලපෑම් මත අපි කටයුතු කර තිබෙනවා.”








