ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමන් කිරීමට බලාපොරොත්තු වන සැදැහැවතුන්ට හෙට (05) සිට මේ මස 10 වැනිදා දක්වා විශේෂ දුම්රියන් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව දැනට ධාවනය වන දුම්රියවලට අමතර පහත සඳහන් දුම්රිය අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වාත් ධාවනයට යොදවා තිබේ.
සුභාෂිණී සේනානායක සහ
නිමල් රාජපක්ෂ








