UPDATE: ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, ඇය විසින් පැය 04 කට වැඩි කාලයක් එම ප්‍රකාශය ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

‘සිරිලිය සවිය’ ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට අද උදෑසන 9‍.30 ට ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණා