නිදහස් උත්සව පෙරහුරු කටයුතු නිසා අද දිනයේදීත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන්, ඊයේ (30) දිනයේ සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව, එම පෙරහුරුවල දෙවන දිනය වන අද (31) දිනයේ උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා රථවාහන ගමනාගමනය සීමා කරන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම හෙට (01) දිනයේදී පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වා රථවාහන ගමනාගමනය සීමා කරන අතර, නිදහස් දිනය වන පෙබරවාරි 04 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලීසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

 news images