අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

ඒ අනුව, නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 28 ක් වූ ගලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images