කෙහෙල්බද්දර පද්මෙත් එක්ක තිබුණු ඇයි හොඳයිකම් අහන්න නාමල්ට CID යට එන්න කියයි

ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන මෙරටට රැගෙන ආ පාතාලයේ ප්‍රබල අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් කෙ‍ෙරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකා­ශ­යක් ගැනී­මට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක,පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට ඊයේ (26) කැඳවා තිබුණි.

නාමල් රාජපක්ෂ මහතා කෙහෙල්බද්දර පද්මේ සමඟ යම් සම්බන්ධයක් තිබී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීම සඳහා ඔහුව කැඳවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඉන්දීය ජන­රජ දින සැම­රුම සඳහා ඉන්දි­යා­වෙන් ලද ආරා­ධ­න­ය­කට අනුව ඉන්දි­යාවේ ඔඩිසා ප්‍රාන්තය බලා නාමල් රාජ­පක්ෂ මහතා පිටත්ව ගොස් ඇති බැවින් මෙදින පැමි­ණී­මට නොහැකි බව දැනු­ම්දුන් බවද එම උසස් පොලිස් නිල­ධා­රි­යා පැව­සීය.

නාමල් රාජ­පක්ෂ මහතා මෙර­ටට පැමි­ණී­මෙන් අන­තු­රුව වෙනත් දින­ය­කදී ඔහුව අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට කැඳ­වන බව ද එම උසස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය. කෙහෙල්බද්දර පද්මේ සමඟ සම්බන්ධකම් පැවැත්වූ රංගන ශිල්පිනියන් හා නිරූපණ ශිල්පිණියන් කිහිපදෙනෙකුගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රශ්න කර තිබුණි.

ගයාන් කුමාර වීර­සිංහ