ආප­දා­වෙන් නිවාස අහි­මි­වූ­වන්ට ගෙවල් හදන්න ඉඩම් දෙන්න පරි­ත්‍යා­ග­ශී­ලීන්ට අව­ස්ථාව

‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් ඇතිවූ ආප­දා­වෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් සඳහා නව නිවාස ඉදි­කි­රීම සඳහා ඉඩම් පරි­ත්‍යාග කිරී­මට පරි­ත්‍යා­ග­ශීලි ජන­තා­වට අව­ස්ථාව උදා වී තිබේ. පූර්ණ හානි වූ නිවාස ඉදි­කර දී‍මේ ව්‍යාපෘ­තිය මේ වන විටත් රජය විසින් ආරම්භ කර ඇති අතර ඊට පරි­ත්‍යා­ග­ශී­ලීන්ට අව­ස්ථා­වක් මේ තුළින් ලබා දී ඇත.

www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩ­වි­යෙන් හෝ 1800 යන දුර­ක­තන අංකය ඇම­තී­මෙන් ඒ පිළි­බඳ වැඩි­දුර තොර­තුරු ලබා ගත හැකිය.

ඉඩම් පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ තොර­තුරු 0112331246 යන ෆැක්ස් අංක­ය­ටද යොමු කළ හැකිය. ආප­දා­වෙන් පීඩා­වට පත් කිසිදු පුර­වැ­සි­යකු අත්නො­හැර, ඔවුන්ගේ ජීවිත පැවැති තත්ව­යට වඩා උසස් මට්ට­ම­කින් යළි ගොඩ­නැ‍ඟීම රජයේ අපේ­ක්ෂාව වන අතර එම සහෝ­දර ජන­තාව වෙනු­වෙන් ‘Rebuilding Sri Lanka’ වැඩ­ස­ට­හන සමඟ සක්‍රි­යව අත්වැල් බැඳ ගන්නා ලෙස දිව­යින පුරා සියලු පරි­ත්‍යා­ග­ශීලි ජන­තා­වට ඒ අනුව ආරා­ධනා කෙරේ.

‘දිට්වා’ සුළි කුණා­ටුව සමඟ ඇති වූ ආපදා තත්වය හේතු­වෙන් විශාල පිරි­ස­කට නිවාස සහ දේපොළ අහිමි වී ඇති අතර, පීඩා­වට පත් ජන­තාව යළි නඟා­සි­ටු­වීම සහ රට යළි ගොඩ­නැ‍ඟීම වෙනු­වෙන් රජය Rebuilding Sri Lanka වැඩ­ස­ට­හන මේ වන විට ආරම්භ කර තිබේ.

උපාලි කරු­ණා­රත්න