2025 වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 17.2 ඉක්මවා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය අපනයන ඉලක්කයෙන් 94.79%කට වඩා වැඩි ප්‍රමාණයක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
2025 වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය 5.6%ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15ක් විය. එය තිරසාර වර්ධනයක් සහ වැඩි දියුණු වන බාහිර වෙෙළඳ තත්ත්වයන් පෙන්නුම් කරන බව ද ඔහු පැවැසීය.
2025 දෙසැම්බර් මාසයේදී වෙෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1490.49 කි. එය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 3.95%ක වර්ධනයකි. මෙම කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙෙළඳපළ ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරගකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ක්‍රියාත්මක කරන ලද උපායමාර්ගවල ඵලදායීතාව ඉස්මතු කරයි.
ප්‍රධාන වෙෙළඳපොළ යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපායමාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත් භාවය සහ තරගකාරිත්වය අවධාරණය කරන බව ඔහු සඳහන් කළේය. 2025 දෙසැම්බර් මාසයේදී වෙෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 5.88%කින් වර්ධනය වී අමෙරිකානු ඩොලර් මිලියන 1166.60ක් දක්වා ළගා වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වේ. 2025 වර්ෂය සඳහා, වෙෙළඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 13,579.38ක් වූ අතර එය 2024ට සාපේක්ෂව 6.32% ක වැඩිවීමක් පිළිබිඹු කරයි. 2025 දෙසැම්බර් මාසයේදී සේවා අපනයන ආදායම 2.47%කින් පහත වැටී අමෙරිකානු ඩොලර් මිලියන 323.89ක් වූ බවට ඇස්තමේන්තු කර ඇත. නමුත් වාර්ෂික පදනමින්, සේවා අපනයන 2025 දී 2.79% ක වර්ධනයක් වාර්තා කළ අතර එය මුළු අමෙරිකානු ඩොලර් මිලියන 3,672.77 කි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්ර්රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.
නෙරංජලා වික්‍රමසිංහ








