X සමාජ මාධ්‍යයේ ඇල්ගොරිදමය දින 7කින් ප්‍රසිද්ධියට

එලොන් මස්ක්ගේ ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ නව ඇල්ගොරිදමය (Algorithm) ඉදිරි දින හත ඇතුළත ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇති බව ඔහු නිවේදනය කරනවා.

මෙමඟින් පරිශීලකයින්ට නිර්දේශ වන පෝස්ට් (Posts) සහ දැන්වීම් තෝරාගනු ලබන ආකාරය පිළිබඳ සියලුම කේත (Codes) මහජනයාට විවෘත වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

මස්ක් පවසන පරිදි මෙය සෑම සති හතරකට වරක්ම යාවත්කාලීන කෙරෙන අතර, එහි සිදුවන වෙනස්කම් පැහැදිලි කරමින් සවිස්තරාත්මක සටහන් ද නිකුත් කිරීමට නියමිතයි.

පරිශීලකයින්ට පෙන්විය යුතු දෑ තීරණය කරන ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වා ගැනීම මෙහි අරමුණයි.

ඇල්ගොරිදමයේ සිදුවන වෙනස්කම් තේරුම් ගැනීම සඳහා සංවර්ධකයින්ට (Developers) අවශ්‍ය සටහන් සමඟ සෑම මසකම පාහේ කේත නිකුත් කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

X ආයතනය මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් දැඩි නීතිමය පීඩනයකට ලක්ව සිටින පසුබිමක වීම විශේෂත්වයක්.