ඉදි­රි­යේදී ව්‍යවස්ථා සභා­වට පත්වන නියෝ­ජි­ත­යන් ස්වාධී­නව කට­යුතු කරාවි කියා සිතන්න අමා­රුයි

දිට්වා සුළි කුණා­ටු­වෙන් වූ හානි­යට අදා­ළව ප්‍රති­සං­ස්ක­රණ විය­දම් පිළි­බඳ නිල ඇස්ත­මේ­න්තු­වක් සකසා ගැනී­මට නොහැ­කි­වීම නිසා ලෝක ආධාර සමු­ළු­වට දින යොදා ගැනී­මට ආණ්ඩුව අපො­හො­සත්ව ඇතැයි පිවි­තුරු හෙළ උරු­මය පක්ෂ නායක නීතිඥ උදය ගම්ම­න්පිල මහතා පැව­සීය.

කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ගම්ම­න්පිල මහතා එසේ කියා සිටි­යේය.

එහිදි වැඩි­දු­ර­ටත් ඒ මහතා මෙසේ ද පැව­සීය. ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝ­ජි­ත­යන් තුන් දෙනාගේ තුන් අවු­රුදු නිල කාලය ලබන සතියේ අව­සන් වෙනවා. 2025 ජූලි 14 වැනි දින අපි මාධ්‍ය හමු­වක් පවත්වා විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යකු පත් නොකර කල් මරන්නේ ජන­වාරි මාසය උදා වන තුරු බව හෙළි­ද­රවු කළා. ඉදි­රි­යේදී ව්‍යවස්ථා සභා­වට පත් කරන නියෝ­ජි­ත­යන් ස්වාධී­නව කට­යුතු කරාවි කියා බලා­පො­රොත්තු වෙන්න අමා­රුයි.

විශේ­ෂඥ වෛද්‍ය අනුලා විජේ­සු­න්දර, මහා­චාර්ය දිනූෂා සම­ර­නා­යක සහ ආචාර්ය ප්‍රතාබ් රාම­නු­ජන් කියන වත්මන් සිවිල් සමාජ නියෝ­ජි­ත­යන් තිදෙනා පසු­ගිය වසර තුනේ ව්‍යවස්ථා සභාවේ ස්වාධී­න­ත්වය රැක්කා. වත්මන් ආණ්ඩුවේ විත­රක් නොවේ තමන් පත් කළ පසු­ගිය ආණ්ඩුවේ පවා අවස්ථා ගණ­නා­වක දී තමන්ට එකඟ වෙන්න බැරි නිර්දේශ ප්‍රති­ක්ෂේප කරන්න මේ නියෝ­ජි­ත­යන් තුන්දෙ­නාට කොන්ද තිබුණා. ඔවුන් තන­තු­රින් සමු­ගන්නා මොහොතේ ඔවුන්ගේ ස්වාධී­න­ත්ව­යට ජාතියේ ප්‍රණා­මය පුද කළ යුතුයි. මේ තිදෙනා අග­මැති සහ විපක්ෂ නායක එක­ඟ­තා­වෙන් පත් කළ යුතුයි කියා ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ තිබු­ණත් දෙදෙ­නාම එකඟ වෙන තුන්දෙ­නෙකු සොයා ගැනීම දුෂ්කර වී තිබෙ­නවා.

ඒ නිසා අව­සා­නයේ දී සිදු වුණේ අග­මැති එක් අයෙ­කුත් විපක්ෂ නායක එක් අයෙ­කුත් නම් කර එක් අයෙක් විත­රක් දෙදෙ­නා­ගේම එක­ඟ­ත්ව­යෙන් නම් කිරී­මයි. දිට්වා කුණා­ටුව විසින් ශ්‍රී ලංකා­වට කර තිබෙන විනා­ශය පිළි­බඳ දැනට එකි­නෙ­කට වෙනස් ඇස්ත­මේන්තු තුනක් ඉදි­රි­පත් වෙලා තිබෙ­නවා. පළමු ඇස්ත­මේ­න්තුව ඉදි­රි­පත් කළේ අත්‍ය­වශ්‍ය සේවා මහ­කො­ම­සා­රිස් ප්‍රභාත් චන්ද්‍ර­කීර්ති මහ­තායි.

දිට්වා කුණා­ටු­වෙන් සති­යක් ඇතු­ළත ඔහු ප්‍රකාශ කළ දළ ඇස්ත­මේ­න්තු­වට අනුව ප්‍රති­සං­ස්ක­රණ විය­දම ඩොලර් බිලි­යන 6ක් සහ 7ක් අතර ගණ­නක්. අපි ඩොලර් බිලි­යන 6.5ක් කියමු. ඊට පස්සේ විස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් ලෝක බැංකුව කිවුවේ විනා­ශයේ වටි­නා­කම ඩොලර් බිලි­යන 4.1ක් කියලා. ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නය ඉදි­රි­පත් කළ වාර්තා­වට අනුව ආර්ථික හානිය ඩොලර් බිලි­යන 16ක්.

ඒක දැවැන්ත මුද­ලක්. ප්‍රති­සං­ස්ක­රණ විය­දම, විනා­ශයේ වටි­නා­කම සහ ආර්ථික හානිය එකි­නෙ­කට වෙනස් සංකල්ප තුනක්. ආණ්ඩුව තමන්ගේ ඇස්ත­මේ­න්තු­වක් ඉදි­රි­පත් කිරීම අති­ශ­යින්ම වටි­නවා. දිට්වා අව­සන් වී දෙවන මාසය ගත කර­ද්දිත් තවම ලෝක ආධාර සමු­ළු­වට දින යොදා ගැනී­මට ආණ්ඩුව කල් මරන්නේ නිල ඇස්ත­මේ­න්තුව හදා ගන්න බැරි­වීම නිසයි.

රන්මලී සෝම­සිරි