දිට්වා සුළි කුණාටුවෙන් ජනතාවට දෙනවා කී සහන කල් යන්න යන්න බලධාරීන්ට අමතක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපතට පත් ජනතාවට සහන සැලසීමේ අවස්ථාවට අනුරාධපුර ජයන්ති විහාරයේදී එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
දෙනවා කිවුව වන්දි මුදල්වල අග බිංදුව එකිනෙක අඩු වීගෙන යනවා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ. ජනතාවට බලධාරීන් දෙනවා කිවුව සහන ඒ ආකාරයෙන්ම ලබා දෙන්න. අපි පාර්ලිමේන්තුවෙත් පිටතත් සටන් කරනවා. රජයට අඩුපාඩු පෙන්නා දෙනවා වගේම රටට සේවාවක් කිරීම අපේ වගකීමක්. සුපුරුදු විපක්ෂයේ දේශපාලන විවේචනයන්ට සීමා නොවී රට ගොඩනඟන්න අපි එක් වෙනවා. මේ රජය විපතට පත් වූ ජනතාවට දෙන සහන ලබා දෙනතුරු අපි අරගල කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ ව්‍යසනයට දින පහළොවකටත් පෙර රටට දැනුම් දුන්නා. ඒත් ආපදා කළමනාකරණය ක්‍රියාත්මක වුණේ නෑ.
ආපදා කළමනාකරණය ක්‍රියාත්මක වුණේ නිදිමතේ වගේ. අපේ රටට වෙනමම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් ස්ථාපිත කරන්න ඕනෑ. අපේ රටේ පාසල්වලට ආපදා ප්‍රදේශවලත් අනෙකුත් ප්‍රදේශවලත් සියලු දරුවන්ට ආපදා කළමනාකරණය ගැන දැනුම ලබා දෙන්න ඕනෑ. මේ රටේ ව්‍යසනවලට මුහුණ දෙන්න හැකි අනාගත පරපුරක් හදන්න ඕනෑ.
ඇලයාපත්තුව සමූහ
චන්දන වන්නිනායක








