ඉන්දියාවේ දිල්ලි හි වායු ගුණාත්මකභාවට ඉතා දුර්වල මට්ටමක් කරා ළඟා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.
ඒ අනුව එම වායු ගුණාත්මක දර්ශකය 418ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජාත්‍යන්තර ගුණාත්මක තත්ත්ව වාර්තා දර්ශකවල මෙම අගය අනතුරුදායක ලෙස සඳහන් කර තිබේ.
දිල්ලි වායු ගුණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ඉදිරි දින කිහිපය තුළ දිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල කාණ්ඩයට අයත් වීමට ඉඩ ඇති බව දන්වා ඇති අතර එය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇතැයිද වාර්තා කර තිබේ.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ඝන මීදුම, සහ ශීත තත්ත්වයක් පැවැතිය හැකි බවටත් සුළං තත්ත්වයේ අඩුවීමත් සමග මෙය ඉදිරි දින කිහිපයේද පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම වායු ගුණාත්මකභාවට හේතුවෙන් ළමුන්ට, වැඩිහිටියන්ට සහ ශ්වසන රෝග ඇති පුද්ගලයින් සඳහා සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බැවින් ඔවුන් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් ඉන්දීය සෞඛ්‍ය අංශ මේ වන විට දන්වා තිබේ.
ඒ අනුව එළිමහන් කටයුතු සීමා කරන ලෙසත්, මුඛ ආවරණ භාවිත කරන ලෙසත් මෙන්ම අපිරිසිදු වාතය නිවෙස් ඇතුළට එම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම්දී ඇතැයිද වාර්තා වේ.








