විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක්, එහි පතරොම් ගැබක් සහ ටී 56 පතරොම් 25 ක් සමඟ සැකකරුවෙක් මිනුවන්ගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මෙම ගිනිඅවිය සහ පතරොම් තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.








