දික්ඕවිට වරායට රැගෙන ආ මෙරට බහුදින යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
එසේම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරන බවයි නාවික හමුදාව සඳහන් කර ඇත්තේ.
මෙසේ රැගෙන ආ බහුදින යාත්‍රාවේ උර 11ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බවටයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කළේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදාව භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් 05 දෙනෙකු සමග ඉදිරි විමර්ශන කටයුතු සදහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවේ අද උදෑසනයි.
මෙම යාත්‍රාව ගන්දර ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති බව ද අනාවරණය වනවා.








