T-56 ගිනිඅවියක් සමඟ අතහැර ගිය මෝටර් රථයක් රාගම දී හමුවෙයි

T-56 වර්ගයේ ගිනිඅවියක් සහිත මෝටර් රථයක් රාගම ප්‍රදේශයේදී අතහැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, ඊයේ (22) පස්වරු 7.30 ට පමණ මෙම මෝටර් රථය රාගම, පහළවත්ත කනත්තට යාබද වෙල් යාය අසල තිබියදී සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් රාගම හා කඩවත පොලිසියේ නිලධාරීන් විමර්ශන සිදු කරනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images