IMF වෙතින් ඩොලර් මිලි­යන 206ක මූල්‍යා­ධාර

දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් ආර්ථි­ක­මය වශ­යෙන් ඇති විය හැකි බල­පෑ­ම්ව­ලට මුහුණ දීම සඳහා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් හදිසි මූල්‍යා­ධාර ලෙස ශ්‍රී ලංකා­වට ඇම­රි­කානු ඩොලර් මිලි­යන 206ක් ලබා දීමට අනු­මැ­තිය පළ කර ඇත.

එම මුදල ආපසු ගෙවී­මට වසර තුනත් පහත් අතර කාල­යක් හිමිවී ඇතැයි කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය ඇමැති මහා­චාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

පසු­ගිය නොවැ­ම්බර් 28 වන දින ඇති වූ සුළි කුණා­ටු­වෙන් 600කට වැඩි පිරි­සක් මිය ගිය අතර, 100,000කට අධික පිරි­සක් අව­තැන් වූහ. එසේම, ආපදා තත්ත්ව­යට මුහුණ දුන් ප්‍රදේ­ශ­වල යටි­තල පහ­සු­කම් සහ ජන­තා­වගේ ජීව­නෝ­පා­යන්ද පුළුල් ලෙස හානි­යට ලක් වූ අතර, මෙහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මෙරට ආදා­ය­මට සහ ගෙවුම් ශේෂ­යට බල­පෑ­මක් ඇතිව තිබේ.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලින් මෙවැනි ආප­දා­වක දී හදිසි සහ ක්ෂණි­කව එහි සාමා­ජික රට­වල් ණය පහ­සු­කම් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා­වට ද මෙවර හිමි වූයේ එවැනි ණය පහ­සු­ක­මක් යැයි ද ඇමැ­ති­ව­රයා පැහැ­දිලි කළේය.

විදේශ විනි­මය 5ක් යටතේ මෙම ණය මුදල මෙර­ටට ලැබෙනු ඇත. එහිදී ඒ සඳහා අය කරන පොලී අනු­පාත ඉතාම පහළ අග­යක් ගනී. පොලිය අනු­පාත කොටස් තුනක් යටතේ ක්‍රියා­ත්මක වේ.

මේ ආකා­ර­යට ලබා­ගත ණය මුද­ලට පොලී අනු­පාත ගණ­නය කිරීමේ දී සති­යෙන් සතිය ඒ සම්බ­න්ධ­යෙන් විව­ර­ණ­යක් කරනු ඇත.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලින් ශ්‍රී ලංකාව මෙතෙක් ලබා­ගෙන ඇති ණය පහ­සු­කම් කිසිදු ආකා­ර­ය­කින් ගෙවීම පැහැර හැර නොමැති වීම නිසා වාරික හා පොලී ආපසු ගෙවීමේ දී අය­ක­රන දඩ­ගාස්තු මෙම ණය පහ­සු­ක­මට අයත් නොවේ. ඒ අනුව ඉතා­මත්ම සුපි­රි­සුදු රටක් ලෙස ණය ආපසු ගෙවී­මට අපට හැකි­යාව තිබේ.

වසර තුනත් පහත් අතර කාල­ය­කින් ලබා­ගත් මෙම ණය පහ­සු­කම ආපසු ගෙවී­මට ශ්‍රී ලංකාව මුළු­ම­නින්ම කැප­වන බවත්, ඒ සඳහා රාජ්‍ය ණය කළ­ම­නා­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුව විධි­මත්ව ක්‍රියා කරන බව පෙන්වා දුන් ඇමැ­ති­ව­රයා, එම නිසා මෙම ණය මුද­ලට අදා­ළව අධි­භා­ර­යක් ගෙවී­මට සිදු නොවනු ඇතැයි විශ්වා­සය පළ කළේය.

ජය­සිරි මුණ­සිංහ, උපාලි කරු­ණා­රත්න