අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක සිටි පුද්ගලයෙක් ඉලක්ක කරමින් අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.








