කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව තිබෙනවා.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිතව ඇති අතර, අද පැවැත්වෙන විධායක මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයකට පැමිණෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








