ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් එරට හමුදා සේවා සාමාජිකයින් වෙත නත්තලට පෙර ‘රණශූර ලාභාංශයක්’ ගෙවන බව ප්රකාශයට පත් කර තිබෙනවා.
ඇමරිකානු ඩොලර් 1,776 ක මුදලක් බැගින් එරට හමුදා සාමාජිකයින් මිලියන 1.45 කට මෙම මුදල ගෙවීමට නියමිතයි.
මෙම ගෙවීම්වලට අදාළ චෙක්පත් දැනටමත් යවමින් පවතින බව ද ඔහු ප්රකාශ කළා.
එය ගෙවීම සඳහා අමෙරිකානු රජය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.57 ක් වෙන් කර තිබෙන බවයි ට්රම්ප් පවසා ඇත්තේ.
අමෙරිකාව 1776 දී පිහිටුවීමට ගෞරවයක් ලෙස මෙම දීමනාව බෙදා හරින බව ජනාධිපතිවරයා පවසා තිබුණා.
අදාල මුදල් ඔහුගේ තීරුබදුවලින් මෙන්ම ඔහු ජූලි 4 වන දින අත්සන් කරන ලද ‘One Big, Beautiful Bill’ වැඩපිළිවෙළ යටතේ ලබා ගත් බව ට්රම්ප් පැහැදිලි කරනවා.
මේ බව ට්රම්ප් නිවේදනය කළේ ඊයේ රාත්රියේ ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතමින් රූපවාහිනිය ඔස්සේ කළ විනාඩි 18 ක කතාව තුළ සිය ආර්ථික වාර්තාව ඉදිරිපත් කරමින්.








