ගල් ඔය, මී ඔය හා මුන්දෙනිආරු ද්‍රෝණි සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

ගල් ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අංක 01 හි සඳහන් කළ අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම මී ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අංක 01 හි සඳහන් කළ අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මුන්දෙනිආරු ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අංක 01 හි සඳහන් කළ අනතුරු ඇඟවීම ද ඉදිරි පැය 48 සඳහා දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.news images

 news images

 news images