අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භට පිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව මේ වන විටත් 20,500ක පමණ වු යුද හමුදා භටපිරිසක් විපතට පත්වූ ජනතාව බේරාගැනීමට දිවයින පුරා යොදවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරන්නේ.
ඊයේ (27) දිනයේ දී පමණක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් 3,790ක් පමණ වු ජනතාවක් මුදවාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.
විශේෂයෙන් අයහපත් කාලගුණ තත්වයෙන් දැඩි බලපැමකට ලක්ව ඇති දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කයන් හි පවතින අධික ජලගැලීම් හා නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති නිසා මෙම මුදවාගැනීම් කටයුතුවලට බාධා ඇති වී ඇති නමුදු එම බාධාවන් මධ්‍යයේ වුවද මුදවා ගැනීම් කටයුතු අඛණ්ඩව සිදුකිරිමට යුද හමුදාව කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.









