අද (28) උදෑසන 6.00 ට අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ ඉහළම වර්ෂාපතනය මාතලේ දිස්ත්රික්කයේ ගම්මඩුව ප්රදේශයෙන් වාර්තා වී ඇති අතර අදාළ වර්ෂාපතන මට්ටම මිලිමීටර් 540 ක් ලෙස සටහන් වී තිබෙනවා.
වැඩිම වර්ෂාපතන මට්ටම් සහිත අනෙකුත් ප්රදේශ පහතින්,
* ඇල්කඩුව, මාතලේ දිස්ත්රික්කය 442.80 mm
* කොත්මලේ, නුවරඑළිය දිස්ත්රික්කය 421.00 mm
* කන්දේනුවර, මාතලේ දිස්ත්රික්කය 419.20 mm
* දෝතෙඔය වත්ත, කෑගල්ල දිස්ත්රික්කය 410.20 mm
* නිල්ලඹේ, මහනුවර දිස්ත්රික්කය 404.80 mm
* මාරස්සන, මහනුවර දිස්ත්රික්කය 403.60 mm
* හුණුගල්ලේවත්ත, මාතලේ දිස්ත්රික්කය 399.40 mm
* මොරහේන, මහනුවර දිස්ත්රික්කය 394.40 mm
* අංකානන්ද, මාතලේ දිස්ත්රික්කය 366.40 mm
* හේවාහැට, නුවරඑළිය දිස්ත්රික්කය 345.80 mm








